රෝහල් සේවිකාවක් විසින් එක්තරා කාන්තාවකට බැන වදිනවා මවගෙ සාත්තුවටවත් දරුවෙක්ට එන්න කියන්න බැරිද අහලා..ඇයට එම කාන්තාව මෙන්න මෙහෙම කතාවක් කියනවා...👇👇👇👇 නෝනේ ඩිංගක් මෙහෙට එනවද දෙන්න පිළිතුරු ඔබට මන් මාත් අම්මෙක් පිරිම් දරුවන් දෙදෙනෙක්ම වැදුවා කුසින් අසරණයි මන් දන්නවා අද රෝහලේ තනි වෙලා දැන් ඒත් නෝනේ දරුවො දෙන්නට එන්න බැහැ ඉන්නා තැනින්.......................... උන්ගෙ අප්පගෙ මිණිය එද්දී පොඩි එකා පස් මස කුසින් සීල් පෙට්ටිය සෙබලු ඇවිදින් සාලෙ මැද තිබ්බා සොවින් වීර බිරිඳක් දරා ගන්නලු කීවාට හැමදෙන සෙමින් නෝනේ මන් ඒ කුසත් එක්කම වැලපුනා හදවත තුලින්............................... පියෙක් නැති මගෙ පැටවු දෙන්නව ලොකු කරා හදවත් පෙමින් එහෙත් නෝනේ ලෙයට ලේවල සුවඳ දැනෙනවා මයි ඉතින් අප්පා ගිය මඟ පුතාත් අරබා එද්දි නිළ ඇදුමත් දරන් ඇස් වලින් මගෙ කදුළු වැටුනේ අප්පගේ රුව දුටු හෙයින්.............................. බාල කොල්ලත් දුන්නා රටටම අප්පගේ නාමය තියන් ගැස්සෙනා හැටි විදවනා හැටි දන්නවා බෝ සමිඳු නම් පඩුරු බැඳ බැඳ උන්ව රැකුමට දෙවියන්ට යැද්දත් ඉතින් ලොකු පුතත් මගෙ ගෙදර ආවේ යහළුවන් ගේ කර මතින්............................. අහස දෙදරා ඇහෙන් නැති හඬ විලාපය ඒ තරම් මන් දරා ගන්නේ ඉතින් කොහොමද සිංහ කොඩියට පුතු නිදන් හත් දවසෙ දානයේ දිනයයි හඬන හදවත මන් දරන් හීල් දානය දෙන්න කලියෙන් පොඩ් පුතත් ආවා කරෙන්..................... මටත් පුදුමයි පැලුනෙ නැති එක මගේ හදවත සිව් කොනෙන් පොඩ් එකත් මගෙ ගියා අවසන් ගමන ඒ වෙ//ඩි හඬ මැදින් එදා සිට මන් ඉතින් තනියම උන් දෙන්නා හද තුල තියන් ඔන්න ඕකයි නාපු හේතුව මගේ දරු දෙන්නා ඉතින් ...............................

Comments

Popular posts from this blog