අමාරුවෙන්හරි අපි තේරුම්ගන්න ඕන දෙයක් තමයි, මේ ලෝකෙ කිසිම කෙනෙකුගෙ ආදරේ අපට බලෙන් අයිතිකරගන්න බෑ ! ❤️‍🩹 අපේ වටිනාකම් තව කෙනෙකුට අපට බලෙන් ඒත්තුගන්නන්න බෑ, ඒ විතරක් නෙවෙයි තව කෙනෙකුගෙ ආත්මය අපට බලෙන් අපේකරගන්න බෑ. ඇත්තම කතාව, උත්සාහකරලා ලබාගන්න දෙයක් ආදරේ ඇතුලෙ නෑ, ඒක ලැබෙන්න ඕනෙ ඉබේම. එහෙම නැත්තන් ඒ ආදරේ අපට නොලැබි තියෙන තරමට හොඳයි. ඒ නිසා කිසිම මොහොතක තවකෙනෙකුගෙ ජීවිතේට බලෙන් ඇතුලුවෙන්න උත්සාහකරලා ඔයාගෙ වටිනාකම නැතිකරගන්න එපා. තමන්ගෙන් ඈතට යන ආදරයක් පස්සෙන් පන්නගෙන යන්නත් එපා. ඔයාව ඇත්තටම අයිතිවෙන්න ඕන කෙනා දවසක ඔයාව අඳුනගනීවි, වෙන කාටත් උඩින් ඔයාව තෝරගනීවි, දෙපාරක් නොහිතම ඔයාට ආදරේ කරාවි, කිසිම කොන්දේසියක් නැතුවම ! ❤️ ___________________________________🍃🤍 #සදෙව්

Comments

Popular posts from this blog