රිප්ලයි නැති මැසේජ්,
ආන්ස්වර් වෙන්නෙ නැති කෝල්,
අන්බ්ලොක් වෙන්නෙ නැති නම්බර්,
බිසී වැටෙන කෝල්,
මගෙ ජීවිතේ ඇතුලෙදිම
මාව තනි කරලා පිස්සු වැට්ටුවා...
වඩාත්ම ප්‍රේම කරන කෙනාගෙන් ලැබෙන කෙනෙහිලි නිසා,
ජීවිතේ වැදගත්ම තැනුත් මූසල කර ගත්තා.
යන්න ඕන කම තිබුනත්
දශමයක් ඈත් වෙන්න බැරි වෙනකොට
හිත පුපුරු ගහන වේදනාවට
නිර්වචන දෙන්න තරම් මම ඉගෙන ගත්තා මදි..
දවසින් දවස ගන්න ඇමතුම්
කිසිම ප්‍රතිචාරයක් නැතුව විසන්ධි වෙලා යනකොට
සරීරෙම ඇවිළෙන වේදනාව දරා ගන්න තරම් මගෙ හිත හයිය මදි...
දරා ගන්නම බැරි තැන වේදනාව එකතු කරලා
පුලුවන් විදියට අමුණාපු අකුරු
පණිවිඩයක් විදියට යවලා
අඩුම ඒකට එන රිප්ලයි එකවත් බලාපොරොත්තු වෙවී ඇස් දුරකතනයෙ අලවලා තියා ගත්ත හැටි...
නෑ.....
මේ සේරම බොරුවක් කරලා ඉවරයි...
තප්පරෙන් තප්පරේ කාලෙ යනවා..
උඹට මාව මේ තරම් අමතක උනු හැටි...
බලාපන් උඹේ ප්‍රේමයෙන්
මගේ පපුව පැලෙන හැටි...
Sighs of loneliness, heavy tears in the smoke... I'm worried about the love of a sad tear... Give me a complaint to make up your mind in life... If you were here, it would be easy for me darling... In a dark bear teary thought.. The heart is relaxed for the beautiful girl.. My unspeakable moon is in my light.. If you were here, I would love you my love...

Comments
Post a Comment