" මං ඔයාට ආදරෙයි " කියන වචන ටික ඇතුලෙ තියෙන්නෙ අපි හිතන සරල තේරුම නෙවෙයි ! ❤️ ඒකෙ තේරුම ආදරේ කිය කිය ලඟ ඉඳන් තොදොල් වෙන එකවත්, අත්වැල් පටලන් ඇවිදින එකවත් නෙවෙයි.
" මං ඔයාට ආදරෙයි " කියන වචන ටික ඇතුලෙ හරි ගැඹුරු තේරුමක් තියෙනවා.
" මං ඔයාට ආදරෙයි " කියන්නෙ මූණෙ කුරුලෑවක් ආවත් ඒක මිරිකන්න දඟලන, හෙම්බිරිස්සාවක් හැදිලා අමාරුවෙන් ඉන්න වෙලාවටත් හාදු දෙන්න දඟලන දඟකාර ආදරයක්.
" මං ඔයාට ආදරෙයි " කියන්නෙ හැඟීම් උපරිම ඇවිලෙන වෙලාවකත් විකාර කරලා මූණට හිනාවක් ගේන්න පුලුවන් බැඳීමක්.
" මං ඔයාට ආදරෙයි " කියන්නෙ හිත රිද්දගෙන කඩාවැටිලා ඉන්න වෙලාවකත් වාරුවට උරහිසක් වෙලා හිත සනසන විදියෙ හැඟීමක්.
" මං ඔයාට ආදරෙයි " කියන්නෙ උදේ ඇහැරුන වෙලේ ඉඳන් රෑ නින්දට යන වෙලාව වෙනකල් හිත ඇතුලෙ ඉදගෙන මතක්කරන මතකයක්.
" මං ඔයාට ආදරෙයි " කියන්නෙ මං ඉන්නෙ උඹ වෙනුවෙන් විතරමයි කියලා නොකියා කියන පොරොන්දුවක්.
කොටින්ම ඒ වචන ටික ඇතුලෙ තියෙන්නෙ ආදරේ කියලා අපි විඳින්න කැමති හොඳ, නරක, රළු, ලස්සන, අවලස්සන හැමදේකම එකතුවක්. ඉතින් මං කලිනුත් කිව්වා වගේ " මං ඔයාට ආදරෙයි " කියන්නෙම සරල වචනවලින් එහාට ගිය ගැඹුරු තේරුමක් ! 💓
Sighs of loneliness, heavy tears in the smoke... I'm worried about the love of a sad tear... Give me a complaint to make up your mind in life... If you were here, it would be easy for me darling... In a dark bear teary thought.. The heart is relaxed for the beautiful girl.. My unspeakable moon is in my light.. If you were here, I would love you my love...

Comments
Post a Comment