+ අපි කවද්ද මුණ ගැහෙන්නෙ ? - ඉක්මනටම මං එන්නම්කො ඔයාව බලන්න.. 🥺 මට ඔයාව ගොඩාක් මතක් වෙනවා ! - මට තේරෙනවා.. මොකද ඒ හැඟීම ඒ විදිහටම මමත් අඩු නැතුව විඳිනවා. + එකම එක පාරක් ඔයාගෙ ලඟට වෙලා ඉන්න තියෙනවනම් මට ඒ ඇති ඒත් ඒ කිසිම දවසක අපි දෙන්න ලඟ උන්නෙ නැති උනත් අඩුවක් නැතුව දැනුන ඔයාගේ ආදරේට ස්තූතියි කියනව වෙනුවට මට ඕන එකම එක පාරක් ඔයාව වැළඳගෙන ඔයාට ආදරෙයි කියන්න ! 🥺❤️ ඔයාගෙ පපුවට තුරුලු වෙලා ඒ රස්නේ විඳගන්න.. දුරකතනයෙන් දකින ඔයාගෙ ඇස් ලඟ හැබැහින් නැවතිලා මොහොතකට බලාගෙන ඉන්න. ආපහු අපිට මුණ ගැහෙන දවසක් එනකම් ලැබෙන පුංචිම කාලය ඇතුලේ ඔයා ගැන ලස්සන මතක ටිකකින් මගේ හිත පුරවගන්න . හ්ම්ම් ඇත්තමයි මං මඟ බලාගෙන ඉන්නවා. දුරකතනයක තිරය අස්සෙන් මැවෙන ඔයාගෙ රූපය මට එක්තරා භාවනාවක් පිස්සුවක් ඒ වගේම මහ ලෝබහිතෙන හැඟිමක්.. 💫 කොච්චර දුරක ඉදියත් මට දැනෙන ඒ මහ ගොඩාක් ආදරේ මට ලෝබ හිතෙන ඔයාගේ සෙනෙහස, මං ආසයි පුංචිම වෙලාවකට හරි මගේ ඇස් මායිමෙම තියාගන්න. ඉතින් පුළුවන් වුන ගමන් මාව බලන්න එක පාරක් ඇවිත් යන්න ළමයෝ ! ඇස් අස්සෙ මැවිච්ච ඔයාගේ රූපය හැබැහින් දකින දවස විශ්වාසයි මට මගේ ජීවිතේ සතුටුම දවස වේවී..🖇🍃🤍. . . . උපුටාගැනීමකි❤️

Comments

Popular posts from this blog